Pages

Thursday, April 14, 2011

හැමෝටම සුභ අලුත් අවුරුද්දක්... ඔන්න මාත් කරලියට...



"අඩෙ අෆ්ෆා මේ කවුද මේ????" කියලාද බලන්නේ. හි හී... " ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද හැම දෙනාටම සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා" කියලා ප්‍රාර්ථනා කරගෙන ඔන්න ඉතින් කාලෙක ඉදන් හිතේ තදකරගෙන උන්නු ආසාවක් ඉස්ට කොරගන්නයි කියලා තමා හදන්නේ. අන්තර්ජාල පහසුකම් අත්විදින්න ලැබුනා විතරයි මටත් හිතුනා ෆෙස්බුකියේ සාමාජිකයෙක් වෙන්න. මේ ඉන්නේ බුකියේ මං ඊට පසසේ හිතුනා බ්ලොග් එකක් ලියන්න. මේ බ්ලොග් කෙරුවාව ගැනනම් හරියටම දන්නේ නැහැ. ඒත් මම හිතනවා බ්ලොග් ලියන යාළුවෝ මට උදව්කරයි කියලා. ඔන්න ඉතින් බ්ලොග් එකකුත් ලියන්න කියලා පටන් ගත්තා.
නොතේරෙන ඉංගිරීසිය දෙරනින් සිංහලයට හරව හරවා පටන්ගත්තා ලියන්න තියලා. සිංහල අවුරුද්දේ නැකතටමනම් නෙවේ වැඩ පටන් ගත්තේ. හී හී... කාලා බීලා අම්මට අප්පච්චිට වැදලා තමා බ්ලොගිය ලියන්න සෙට් වුනේ... අනේ ඉතින් මේ නොදරුවට මේ බ්ලොගිය ලියාගෙන යන්න ඔයාලාගේ උදව්වත් දෙන්න කියලා ඉල්ලලා... ලැබුවාවු අවුරුද්ද සතුටින් සාමයෙන් සොයුරු දමින් ගතකරන්න මට ඔයාට වගේම හැමෝටම හැකි වෙන්න කියලා පාර්තනා කොරගෙන මම අදට නවතින්නම්... 

3 කියන දේවල්:

රසික කරුණාත්න said...

කලින්ම කියන්න ඔනෙ සුභ අළුත් අවුරුද්දක් කියලා !!! මට හරිම සතුටුයි තවත් අලුත් බ්ලොග් එකක කියවන්න හම්බෙච්ච එක ඒ වගේම අපිට අළුත් සයිබර් මිතුරෙක්... මගෙන් සුභ පැතුම්....

සහොදරයා said...

බොහෝම සුතූතියි කුක්කෝ. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක්. මම හිතනවා මටත් හොද සිබර් මිතුරෝ එකතු කරගන්න පුළ්වන් වේවි කියලා.

#sirkinna said...

එල එල ලියහං ලියහං...සුභ පැතුම්

Post a Comment