Pages

Thursday, April 14, 2011

හැමෝටම සුභ අලුත් අවුරුද්දක්... ඔන්න මාත් කරලියට...



"අඩෙ අෆ්ෆා මේ කවුද මේ????" කියලාද බලන්නේ. හි හී... " ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද හැම දෙනාටම සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා" කියලා ප්‍රාර්ථනා කරගෙන ඔන්න ඉතින් කාලෙක ඉදන් හිතේ තදකරගෙන උන්නු ආසාවක් ඉස්ට කොරගන්නයි කියලා තමා හදන්නේ. අන්තර්ජාල පහසුකම් අත්විදින්න ලැබුනා විතරයි මටත් හිතුනා ෆෙස්බුකියේ සාමාජිකයෙක් වෙන්න. මේ ඉන්නේ බුකියේ මං ඊට පසසේ හිතුනා බ්ලොග් එකක් ලියන්න. මේ බ්ලොග් කෙරුවාව ගැනනම් හරියටම දන්නේ නැහැ. ඒත් මම හිතනවා බ්ලොග් ලියන යාළුවෝ මට උදව්කරයි කියලා. ඔන්න ඉතින් බ්ලොග් එකකුත් ලියන්න කියලා පටන් ගත්තා.