Pages

Sunday, June 5, 2011

පිට් එකේ මට විකාර වෙලා ඉන්නේ දෙන්නකො හෙල්ප් එකක්.

අඩෝ බොලව් ආවත් හරි ලියන්නේ නැහැනේ මේයකා... හික්ස්... ආසාවට පටන් ගත්තාට ලියන්න හිතුවහම සභ්‍යත්වයයි පෞද්ගලිකත්වයක් අරකයි මේකයි හැම උණ්ඩුකපුච්චයක්ම හිතට ඇවිත් සීමා මායිම් දාලා මාව හිරකොරන්නමයි හදන්නේ... මල ඉලවු මට නම් දැන් "ශික් අප්පා...." වෙලාය ඉන්නේ.... හික්සය නේද? අහ් නැද්ද??? හි හී.... කවුරැත් එහෙම කිවේ එහේම නැහැ නේද??? මේ සහොදරයා ගේ තනිකමටයි පාළුවටයි ලියන්නයි ගත්තේ ඒත් අප්පේ මොනවැයි මම ලියන්නේ... තාම මේ පෝස්ට් එකේ ටයිටොල් එකත් හිස්... හ්ම්..

Thursday, April 14, 2011

හැමෝටම සුභ අලුත් අවුරුද්දක්... ඔන්න මාත් කරලියට...



"අඩෙ අෆ්ෆා මේ කවුද මේ????" කියලාද බලන්නේ. හි හී... " ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද හැම දෙනාටම සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා" කියලා ප්‍රාර්ථනා කරගෙන ඔන්න ඉතින් කාලෙක ඉදන් හිතේ තදකරගෙන උන්නු ආසාවක් ඉස්ට කොරගන්නයි කියලා තමා හදන්නේ. අන්තර්ජාල පහසුකම් අත්විදින්න ලැබුනා විතරයි මටත් හිතුනා ෆෙස්බුකියේ සාමාජිකයෙක් වෙන්න. මේ ඉන්නේ බුකියේ මං ඊට පසසේ හිතුනා බ්ලොග් එකක් ලියන්න. මේ බ්ලොග් කෙරුවාව ගැනනම් හරියටම දන්නේ නැහැ. ඒත් මම හිතනවා බ්ලොග් ලියන යාළුවෝ මට උදව්කරයි කියලා. ඔන්න ඉතින් බ්ලොග් එකකුත් ලියන්න කියලා පටන් ගත්තා.